දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 වනදා ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. මෙන්ම නැවත ජුනි 23 රාත්‍රී 10.00 සිට ජුනි 25 වනදා අළුයම 4.00 දක්වා පෙර පරිදිම සංචරණ සීමා ක්‍රියාත්මක වේ. ප්‍රිය සාද, රැස්වීම් වැනි ජනතාව ගැවසෙන උත්සව සඳහා අවසර නැත.
Friday, June 18, 2021
වේගවත් ව්‍යාප්තියක් සහිත භයානක කොරෝනා වෛරස් කාණ්ඩයක් ලෙස සැලකෙන ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙරටට පැමිණියේ කෙසේදැයි තවමත් නිශ්චිත තොරතුරු නොමැති බව පර්යේෂකයින් පවසනවා.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු මෙරට සමාජයෙන් පළමුවරට හඳුනා ගැනුණේ ඊයේ දිනයේයි. ඒ, කොළඹ, දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන්.
ශ්‍රී ලංකාවේ සමාජයෙන් හඳුනාගෙන ඇති ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මේවනවිට ලෝකයේ ඇති දරුණුතම කොරෝනා ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා.
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරකින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපාංකයේ 4.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූමිකම්පාව සිදුවී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් ගැඹුරින් වන අතර ශ්‍රී ලංකාවට මින් බලපෑමක් සිදු වන බවට තවමත් වාර්තා වී නැහැ.
Friday, June 11, 2021
Monday, June 7, 2021
Friday, June 4, 2021
කඩුවෙල, කොළොන්නාව, ශ්‍රී ජයවර් ධනපුර, මහරගම, හංවැල්ල, පූගොඩ යන ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ද හිනිදුම, තවලම, නෙළුව අවට පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
එසේම කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ඉංගිරිය, හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, මිල්ලනිය හා පාලින්දනුවර පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇති වී තිබෙන අතර අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන්
- රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයේ කන්දක් නාය යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
- ජලපහරට හසුවීමෙන් තවත් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
- මාදම්පේ, මුගුණුවටවන ප්‍රදේශයේ තරුණයෙකු දියපහරට හසු වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
- මහවැව කලුපිටි ඔයේ පැති බැම්ම ගිලා බැසීම හේතුවෙන් ජල පහරට හසු වී අවුරුදු 10ක පිරිමි දරුවෙකු ද
- මාරවිල විලපාර ප්‍රදේශයේ ජල පහරට හසු වී අවුරුදු 14ක පිරිමි දරුවෙකු ද අතුරුදහන් වී තිබෙනවා.
එසේම කුලියාපිටිය, කුරුණෑගල, හොරණ, මතුගම, දඹුල්ල, අකුරැස්ස, නාරම්මල සහ කෑගල්ල යන ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර විදුලි පාරිභෝගිකයින් 44,000කට පමණ විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා.