Saturday, May 15, 2021

 


කොරෝනා ආසාදනය වූ රෝග ලක්ෂණ නොපෙන්වන්නන්​ට​ ඉදිරියේදී නිවෙස්වල තබා ප්‍රතිකාර - වෛද්‍ය සුදර්ශනී......


කොරෝනා වෛරසය ආසාදිත බව​ට තහවුරු වූ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් නිවෙස්වල තබා ප්‍රතිකාර වලට ලක් කිරීමේ නව ක්‍රමවේදයක් පිළිබ​ඳ පියවර ගනිමින් සිටින බව වසංගත හා කොවිඩ් රෝග පාලන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. එළඹෙන සඳදා (17) සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම ක්‍රමවේදය හරහා, නිවෙස්ව​ල තබා ප්‍රතිකාර ලබා දෙන ආසාදිතයින්ට සංකූලතා මතු වුවහොත් රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවයි වෛද්‍යවරි​ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment