Monday, May 24, 2021

 

අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා කෙටි දුරකථන අංකයක්....


සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු වුණා.

මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුහුණපාන ගැටලු, විශේෂයෙන් සංචරණ සීමා කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දීත්, පැන නගින ගැටලු ඒ ඒ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම හා ජනතාවට වඩා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කරගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස 1965 දුරකථන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.

ඔබේ ජන ජීවිතය පහසුකරවීමට පිහිටවූ මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍යතාව අනුව පමණක් ඇමතුමක් දෙන ලෙසද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

No comments:

Post a Comment