Tuesday, May 25, 2021


 හෙට ඡායා චන්ද්‍ර ග්‍රහණයක්...

හෙටට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයේදී ඡායා චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවනවා. හෙට පස්වරු 6.23ට නැගෙනහිර ගිණිකොණ ක්ෂිතිජයෙන් චන්ද්‍රයා නැග ආ වේලාවේ සිට චන්ද්‍ර ග්‍රහණය අවසානය වන පස්වරු 7.20 තෙක් වන කාලයේදී ශ්‍රී ලංකාවට මෙම ඡායා චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ. මෙය 2019 වසරෙන් පසු සිදුවන පළමු චන්ද්‍රග්‍රහණය වන අතර ඔස්ට්‍රේලියාව, අමෙරිකාව හා ගිණිකොණ දිග ආසියාව වැනි ප්‍රදේශවලට දිස් වන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසටයි. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් පූර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් වන්නේ නැහැ.

No comments:

Post a Comment