බද්දේගම සමිත හිමි අපවත් වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කෙවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් අපවත් වී තිබෙනවා. ඒ, මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත් වන විට උන්වහන්සේ 68 වන වියේ පසුවුණා. 2001 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. උන් වහන්සේ මනාප 42,120 ක් හිමිකර ගනිමින් එහිදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු හිමිනම වන්නේද පූජ්‍ය බද්දේගම සමිත හිමියන්
No comments:
Post a Comment