පෙර පාසල් ගුරුවරුන්ට වැඩි කරන ලද මාසික දීමනාව අද සිට...
පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව රු 2,500ක් දක්වා ඉහළ දමා ඇති අතර එය අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගෙවීම සිදුකිරීමට නියමිතයි.
එහි පළමු අදියර ලෙස හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලැබු පෙර පාසල් ගුරුවරු 25,000ක් සඳහා එම දීමනාව ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
No comments:
Post a Comment