Monday, May 24, 2021


 

ජනතාව වගකීමෙන් කටයුතු නොකළොත් රට වැසීමෙන් ඵලක් නෑ - ජනපති

සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත්, ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් රට වැසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා හොයලා බලන්න ඕනේ. මොකද බොරු අය ඒ සීල් එක ගහගෙන යනවා. ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ. නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ."

No comments:

Post a Comment