Saturday, May 15, 2021


WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්.........

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරනවා. තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙනවා. එසැණ පැහැදුම: 2 Factor Authentication යනු ඔබේ අන්තර්ජාල ගිණුම් අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කරගැනීමට භාවිතා ක​රන ක්‍රමවේදයකි. WhatsApp හි මෙය සක්‍රීය කළ පසු ඔබේ ගිණුමට ප්‍රවේශ (sign in) වීමේදී ඔබේ ජංගම දුරකථනයට ඒ මොහොතේ ලැබෙන ඉලක්කම් 6ක අහඹු කේතයට අමතරව ඔබ ලබාදෙන PIN අංකයක් ද ඉල්ලයි. එම නිසා, ඔබේ දුරකථනය අන්සතු වුවද, වෙන කිසිවෙකුට ඔබේ ගිණුම් වෙත ප්‍රවේශ විය නොහැකියි. WhatsApp හි මෙය සක්‍රීය කරගැනීමට එහි Settings > Account > Two-step verification වෙත යන්න.

No comments:

Post a Comment